There were 512 press releases posted in the last 24 hours and 400,971 in the last 365 days.

‘ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ගෞරවනීය දේශපාලන විසඳුමක්’ - මහාචාර්ය රාමසාමි

Prof Ramasamy

මහාචාර්ය රාමසාමි මැලේසියාවේ පෙනා‍ංගේ ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමතිවරයා ද වේ.

දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ප්‍රජාවගේ අක්‍රියශීලී, වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට දෙමළ ජනයා සඳහා වූ ජනමත විචාරණය මාවතක් සපයයි.”
— මහාචාර්ය රාමසාමි
NEW YORK, UNITED STATES, April 28, 2023/EINPresswire.com/ --

දෙමළ ජනතාවගේ විමුක්තිය පිළිබඳ අපේක්ෂාව සපුරාලීම සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප විසඳුමක් ඉදිරිපත් වූවේ සන්නද්ධ විකල්පය අවසන් වීමෙන් පසුවය. සමහර සුපිරි බලවතුන් මෙන්ම ජාතිවාදී සිංහල ප්‍රභූන්විසින් අනුමත කළ හා අනුබල දුන් විසින් දශක ගණනාවක් තිස්සේ අමානුෂික ලෙස සැලකීමෙන් මිදීම මෙහි අරමුණ වී ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව සඳහා ජනමත විචාරණයක් පිළිබඳ අදහස ගෝලීය දෙමළ සම්මන්ත්‍රණය ඉදිරිපත් කළේය. එම ඉදිරි ගමන ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල විය.

ස්කොට්ලන්තය හෝ කියුබෙක් වැනි වෙනත් ජාතීන් සඳහා ද ජනමත විචාරණයක් සංවිධානය කළ හැකි නම්, ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද ජනමත විචාරණයක් දිගු කලක් පීඩාවෙන් පසුවන ඊළාම් දෙමළ ජනයාගේ ඉදිරි දේශපාලන මාවත විය නොහැකි වීමට හේතුවක් නැත.

පිනෙං හිදී පැවති ජාත්‍යන්තර දෙමළ සම්මන්ත්‍රණයකදී ඊළාම් දෙමළ ජනතාව සඳහා ජනමත විචාරණයක් පිළිබඳ අදහස යෝජනා විය. 2015 පිනෙංගේ ප්‍රකාශය ලෙස මෙම යෝජනාව හඳුන්වනු ලබයි.

ඉන්පසුව, ‍ගෝලීය මට්ටමින් ‍ලෝකයේ ස්ථාන ගණනාවකදී දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ජනමත විචාරණයක් පිළිබඳ වූ අදහස ඉදිරිපත් විය.

දෙමළ ජනයාගේ බිහිසුණු ජන සංහාරයෙන් පසු මේ වනවිට වසර 13 කට වැඩි කාලයක් ගතවී ඇතත්, ඊළාම් දෙමළ ජනයාගේ දේශපාලන, සමාජීය හා ආර්ථික විමුක්තිය සඳහා වූ ස්ථිරසාර විසඳුමක් මෙතෙක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉදිරිපත්වී නැත.

දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ප්‍රජාවගේ අක්‍රියශීලී, වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට දෙමළ ජනයා සඳහා වූ ජනමත විචාරණය මාවතක් සපයයි.

දෙමළ ජනයාගේ විමුක්තිය සඳහා වන ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ඉදිරිපත්වීම ඇතැමුන්ට දිරවාගැනීමට අපහසු දෙයක්ද ? .


* A dignified political solution for Tamils in Sri Lanka - Prof. Ramasamy.
https://www.einpresswire.com/article/630440365/a-dignified-political-solution-for-tamils-in-sri-lanka-prof-ramasamy

දෙමළ ඊළාම් අන්තර්ජාතික රජය
Transnational Government of Tamil Eelam (TGTE)
+1 614-202-3377
r.thave@tgte.org
Visit us on social media:
Twitter
Instagram

Legal Disclaimer:

EIN Presswire provides this news content "as is" without warranty of any kind. We do not accept any responsibility or liability for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.